ඇමරිකානු හමුදා වීරයන්ගේ දිනය Trumpගේ ප්‍රධානත්වයෙන් සැමරේ

Share

ඇමරිකානු හමුදා වීරයන්ගේ දිනය (Veterans Day) සැමරීම නිමිත්තෙන් ජනාධිපති Donald Trump, උප ජනාධිපති JD Vance සහ ලේකම් Collins ඇතුළු පිරිස Arlington ජාතික සුසාන භූමියේ පැවති පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයකට එක්ව සිටියහ.
ඇමරිකාවේ නිදහස ආරක්ෂා කිරීම සහ රටේ ජනතාවගේ ජීවන රටාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් සේවය කළ අයගේ ධෛර්යය, කැපකිරීම් සහ නොසැලෙන සේවය අගය කිරීම මෙම සැමරුමේ අරමුණයි.
සෑම වසරකම නොවැම්බර් 11 වැනිදා පැවැත්වෙන ඇමරිකානු හමුදා වීරයන්ගේ දිනය , එරට සන්නද්ධ හමුදාවල සේවය කළ සියලුම හමුදා සාමාජිකයන්ට ගෞරව දැක්වීම වෙනුවෙන් වෙන් කර තිබේ.
මෙම අවස්ථාවට සමගාමීව නිකුත් කළ පණිවිඩයකින් Trump පෙන්වා දෙන්නේ, ඇමරිකානු හමුදා වීරයන්ගේ කැපකිරීම් කිසිදා අමතක නොකරන බවයි.

Read more

Local News