ජපානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ පැවති උත්තර මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේදී ඡන්ද වටිනාකම (Vote Value Disparity) අතර පැවති අසමානතාව, ව්‍යවස්ථා විරෝධී තත්ත්වයක පවතින බව තීන්දු කර තිබේ.
උත්තර මන්ත්‍රී මණ්ඩල මැතිවරණයකදී තුන් ගුණයකට ආසන්න ඡන්ද අසමානතාවක් සම්බන්ධයෙන් අධිකරණය මෙවැනි තීන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.
පසුගිය ජූලි මාසයේ පැවති මැතිවරණයේදී අඩුම ජනගහනයක් සහිත මැතිවරණ කොට්ඨාසය හා වැඩිම ජනගහනයක් සහිත මැතිවරණ කොට්ඨාසය අතර එක් මන්ත්‍රීවරයකු සඳහා සිටින ඡන්දදායකයන් සංඛ්‍යාවේ අසමානතාව 3.13 ගුණයක් දක්වා ඉහළ ගොස් තිබිණි.
මෙම අසමානතාව ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට තර්ක කරමින් නීතිඥ කණ්ඩායම් දෙකක් රට පුරා නඩු පවරා තිබිණි. එම මැතිවරණය අවලංගු කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
අගවිනිසුරු Imasaki Yukihiko සඳහන් කළේ ඡන්ද අසමානතාව නිවැරදි කිරීම සඳහා ජපාන පාර්ලිමේන්තුව තුළ ගෙන යන උත්සාහයන් ඇණහිට ඇති බවයි. එමෙන්ම මෙම අසමතුලිතතාව තවදුරටත් නොසලකා හැරිය නොහැකි මට්ටමකට පැමිණ ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. පානයේ සියලුම පුරවැසියන්ට සමාන ඡන්ද අයිතියක් තිබුණත්, මැතිවරණ කොට්ඨාසවල ජනගහනය වෙනස් වීම නිසා ඇතැම් අයගේ ඡන්දවලට අනෙක් අයට වඩා වැඩි නියෝජන බලයක් ලැබී ඇති බව අධිකරණ නියෝගයෙන් පැහැදිලි වේ.
කෙසේ වෙතත්, පැවති මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
Share
Read more



