ස්පාඤ්ඤයේ වසර 14කට පසු පැවැත්වූ පළමු දැවැන්තම වැඩවර්ජනයට විශාල පිරිසක් එක්වීමෙන් අනතුරුව Barcelona නගරයේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හටගෙන තිබේ.
නිවාස අර්බුදය සහ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් රටේ ප්රධාන වෘත්තීය සමිති විසින් මෙම වැඩවර්ජනය කැඳවා තිබිණි. අගනුවර වන Madrid හි පැවති විරෝධතාවට පුද්ගලයන් 120,000ක් පමණ එක්ව සිටි අතර Barcelona නගරයේ පැවති විරෝධතාවට 50,000කට අධික පිරිසක් සහභාගි වී ඇත.
කෙසේ වෙතත් Barcelona නගරයේදී මුහුණු ආවරණය කරගත් පිරිස් සහ පොලීසිය අතර ගැටුම් ඇතිව තිබේ. එහිදී විරෝධතාකරුවන් කසළ බඳුන්වලට ගිනි තබමින් වෙළෙඳසල්වල වීදුරු කඩා දමා ඇති අතර පොලීසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබේ.
වැඩවර්ජනය හේතුවෙන් ස්පාඤ්ඤය පුරා ප්රවාහන සේවා ඇතුළු අනෙකුත් මහජන සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇත. එරට ප්රධාන කම්කරු සංගමයක් වන UGT හි ප්රධානී Pepe Álvarez සඳහන් කළේ මෙම වැඩවර්ජනයට විශාල ජන සහභාගිත්වයක් ලැබුණු බැවින් එය සාර්ථක වූ බවයි. මේ අතර ස්පාඤ්ඤයේ පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය.
Share
Read more



