චීනය සහ ඇමරිකාව අතර සහයෝගයෙන් ප්රතිලාභ ලැබිය හැකි අතර අර්බුදකාරී තත්ත්වයන් ඇති වුවහොත් අලාභ සිදු විය හැකි බැවින් ප්‍රධාන බලවතුන් ලෙස නිසි පරිදි සහජීවනයෙන් කටයුතු කළ හැකි ක්‍රියාමාර්ගයක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, එය පැසිෆික් සාගරයේ දෙපසම පාර්ශ්වයන් අතර පොදු එකඟතාවක් බව පැහැදිලි වෙමින් පවතින බවත් ඇමරිකාවේ චීන තානාපති Xie Feng ප්‍රකාශ කළේය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඇමරිකා – චීන සබඳතාව පිළිබඳ ජාතික කමිටුවේ 60 වන සංවත්සරය හෙවත් 2026 වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය සඳහා පැවති උත්සවයකදීය.
චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතහා මාස හයක් තුළ අන්‍යෝන්‍ය වශයෙන් රාජ්‍ය සංචාරයන් සිදු කර ඇත.දෙරටේ රාජ්‍ය නායකයන්ගේ උපායමාර්ගික මඟපෙන්වීමෙන්, සහයෝගීතාවයට ප්රමුඛත්වයක් දෙමින්, තරඟකාරීත්වය සාධාරණ මට්ටමක පවත්වා ගනිමින්, මතභේද පාලනය කරමින්, සාමය ළඟා කර ගැනීමට ඉදිරියට ගෙන යා යුතු යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
Share
Read more



