චීන විදේශ අමාත්‍ය වං යී සහ කියුබානු විදේශ අමාත්‍ය Bruno Rodriguez අතර සාකච්ඡාවක් බෙයිජිං හිදී අද (11) පැවැත්විණ.
ලෝක තත්ත්වය කෙසේ වෙනස් වුව ද, කියුබාවේ ජාතික ස්වෛරීභාවය, නීත්‍යනුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කර සම්බාධක හා බාහිර මැදිහත්වීම්වලට එරෙහි වීමට චීනය කියුබාවට දැඩි ලෙස සහාය ලබා දෙන බව වං යී එහිදී පැවසීය.
කියුබාවේ සංවර්ධනයට, විශේෂයෙන්ම සම්බාධක හා බාහිර මැදිහත්වීම්වලට විරෝධය පෑම සඳහා චීනය කියුබාවට ලබා දුන් වටිනා සහාය පිළිබඳව Bruno Rodriguez එහිදී ස්තූතිය පළ කර ඇත. එකම චීනය මුලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන කියුබාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන සියළු බලවේගයන්ට විරෝධය පළ කරයි. චීනය සමග එක්ව බහුපාර්ශ්වික අඛණ්ඩ සම්බන්ධීකරණය තහවුරු කරමින්, ඉහළ මට්ටමේ සහයෝගීතා ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කරන බව ද Bruno Rodriguez පවසා ඇත.
Share
Read more



