ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තව දුරටත් (photo)

Share

මේ වන විට ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තව දුරටත් පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සදහා අද ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ගින්න මතට ගිනි නිවීමේ වියළි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,830ක් හෙළු බව ගුවන් හමුදා මූලස්ථාන නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

මේ අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීම හා එහි වත්මන් තත්ත්ව නිරීක්ෂණය කිරිම සදහා ගුවන් හමුදාව තවදුරටත් කටයුතු කරනු ලබනවා.

Read more

Local News