Saturday, March 2, 2024.

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතයි

Share

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 17 දා ඇමරිකාව බලා පිටත්ව ගියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේ දි ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතමින්  විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන 03 වන අවස්ථාව මෙයයි.

එමෙන්ම සැසිවාරයට සහභාගීවන ලෝක නායකයින් රැසක් සමග ද ජනාධිපතිතුමා මෙහිදී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Read more

Local News