ඊයේ (11) අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දේශපාලන රැළියක් අමතමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර අැත්තේ, උතුරු කොරියාවට සාමය අවශ්‍ය බවයි.
ලෝකයට සාමය උදා කිරීම සදහා අමෙරිකා සහ උතුරු කොරියා සාකච්ඡා වඩාත් හිතකර වන බව ඔහු පෙන්වා දී ඇත.
යෝජිත සාකච්ඡා අතරතුර උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදාබැලීම් අත්හිටුවන බවට තමාට පොරොන්දු වී ඇති බව අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේය. සාමය උදා කිරීම සදහා මෙය හොඳම කාලය බවද ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.
ඔහු උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ හමුවක් සදහා කැමැත්ත පළ කර ඇත. එහෙත් ඒ සදහා මෙතෙක් නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත් කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.