කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කෙරේ

Share

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දිර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2021 වසරේ අප්‍රේල් මස 1 වනදායින් ආරම්භ වී සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් 01 වනදායින් ආරම්භ වී 2022 මාර්තු 31 වනදායින් කල් ඉකුත්වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වීමේ දින සිට මාස 6කින් දීර්ඝ කර තිබෙනවා.

Read more

Local News