අපේ රටට සමහර එළවළු බෝග වර්ග සේම බීජ වර්ගත් ආනයනය කරනවා. බොහෝ බීජ වර්ග පිටරටින් ගෙන ඒම නිසා අපේ බීජ නිෂ්පාදනය බිද වැටුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ බීජ මෙරට තුලම නිපදවීම ආරම්භ වී තිබෙනවා. එහි එක් පියවරක් ලෙස ඇළහැර නිකපිටිය සරුබිම ඉකිලිවැව බීජ ළූණු ගම්මාන ආරම්භ වුණා. ගොවියන් සියදෙනෙකු මේ සදහා තෝරාගෙන ඇති අතර ඊට වෙන්කර ඇති මුදල රුපියල් කෝටියක්. අනාගතයේ ගොවිතැන සදහා අවශ්‍ය බීජ ළූණු අපේ රට තුළම නිපදව ගැනීම මෙහි අරමුණයි.