කොළඹට ජල කප්පාදුවක්

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) රාත්‍රි 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේය.

ඒ අනුව අද රාත්‍රි 08.00 සිට හෙට (14) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළා කාලය තුළ කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.

Read more

Local News