අන්දමන් දුපත් අසල අඩු පීඩන කලාපයේ පවතින තත්වයේ වක්‍ර බලපෑමක් ලෙස මේ දිනවල දිගින් දිගටම වර්ෂාපතනය ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතිනවා. පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක අද අලුයම සිට ඝණ මිදුම් තත්වයක් ඇති වීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබුණා.