ඕස්ට්‍රියාව එරට එන්නත් නොකළ පුරවැසියන් සදහා සිය රට පුර සීමා පනවයි

Share

යුරෝපයේ නැවතත් කොවිඩ් වසංගතයෙන් බරපතල පිඩාවට පත්වූ කලාපයක් බවට පත්ව තිබෙනවා. ඕස්ට්‍රියාව පුරා මේ වන විට කොවිඩ් ආසාදිතයින් සීඝ්‍ර ලෙස ඉහළ යන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් එරට එන්නත් නොකළ පුද්ගලයින්ට රටපුරා දැඩි සිමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා. එන්නත් නොකළ පුද්ගලයින්ට සිය නිවාස වලින් පිටත්ව යා හැක්කේ රාජකාරි කටයුතු වලට සහ අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් බවයි ඕස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ. ඕස්ට්‍රියානු ජනගහනයෙන් මේ වන විට 65%ක් සම්පුර්ණයෙන්ම එන්නත් කර අවසන්. නමුත් මෙය බටහිර යුරෝපයේ අඩුම එන්නත්කරණ අනුපාතයන්ගෙන් එකක් බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රියාවේ චාන්සලර් ඇලෙක්සැන්ඩර් ශැලන්බර්ග් පවසන්නේ, මෙම සීමා තුලින් එරට එන්නත් කළ සහ එන්නත් නොකළ පුද්ගලයින් අතර සම්බන්ධතා විශාල ලෙස අඩු කර ගත හැකි බවයි.

ජපානයේ කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට කොවිඩ් බුස්ටර් එන්නත ලබා දීමට එරට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලබන මාසය වන විට වෛද්‍ය සේවකයන් සදහා ද එලඹෙන ජනවාරි මාසය වන විට වැඩිහිටියන් සහ අනෙකුත් පුරවැසියන්ටද බුස්ටර් එන්නත් ලබා දීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.

ඊශ්‍රායලය වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන්ට ෆයිසර් කොවිඩ් එන්නත් හදිසි භාවිතය සදහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම පවසන්නේ එම වයස් කාණ්ඩයේ දරුවන් සදහා ෆයිසර් කොවිඩ් එන්නත් 90.7%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බවයි.

Read more

Local News