ෆයිසර් සමාගම ප්‍රතිවෛරස් කොවිඩ් ඖෂධයට අමෙරිකාවෙන් අවසර ඉල්ලයි

Share

අමෙරිකාව එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන ෆයිසර්, තමන් නිෂ්පාදනය කරන ප්‍රතිවෛරස කොවිඩ් ඖෂධය හදිසි භාවිතයට අවසර ඉල්ලා තිබෙනවා.

මෙම ඖෂධය අධි අවදානම් රෝග ලක්ෂණ සහිත වැඩිහිටි රෝගීන් හට ප්‍රතිකාර කිරීමට ලබා දීමට අපේක්ෂිතයි.

ෆයිසර් සමාගම පවසන්නේ මුඛ ප්‍රතිවෛරසය නිර්මාණය කර ඇත්තේ වෛරසයේ ශක්තිය අඩු කිරීම සඳහා බවයි.

මෙම ඖෂධය භාවිත කළ අයගේ සායනික පරීක්ෂණ ප්‍රතිඵලවලින් පෙන්වන්නේ රෝහල් ගතවීම් සහ මරණ අවධානම 89% කින් අඩු කර ගත හැකි බවයි.

මෙම ඖෂධය අඩු සහ මධ්‍යම අදායම් ලබන රටවලට හොදින් ගැලපෙන බව ඖෂධ නිෂ්පාදන බලය හිමි ෆයිසර් සමාගම පවසන්නේ.

Read more

Local News