යුක්‍රේන – රුසියානු දේශසීමාවේ ඉතා බරපතල ලෙස හමුදා භටයින් ඉහළ දමමින් සිටින බව වාර්තා වනවා.
යුක්‍රේනය සේ ම රුසියාව ද සිය හමුදා භට පිරිස් දේශසීමාව තුළ වැඩි කරමින් සිටින බවයි නේටෝ ප්‍රධානියා පවසන්නේ.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ සුදානමක පසුවන්නේ ද යන්න සැක සහිත බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
දේශසීමා අසළ හමුදාව ඉහළ දැමීම පිළිබඳව නේටෝව දැඩි අවදානයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.