මාර්තු වන විට යුරෝපීය කලාපයේ කොවිඩ් මරණ ලක්ෂ 07 ඉක්මවා යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Share

මේ වන විට යුරෝපීය කළාපය තුළ දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යමින් පවතිනවා.

ලබන වසරේ මාර්තු මාසය වන විට තවත් කොවිඩ් මරණ ලක්ෂ 07 ක් සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුරෝපීය කලාපය තුළ රටවල් 53ක කොවිඩ් මරණ සංඛ්‍යාව දැනටමත් ලක්ෂ 15 ඉක්මවා ඇති බවයි.

එසේ ම 2022 වර්ෂය වන විට රටවල් 49 ක දැඩිසත්කාර ඒකකවල රෝගීන් ඉහළ යා හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මේ අතර ප්‍රංශය, ජර්මනිය සහ ග්‍රීසිය ඇතුළු රටවල් රැසක් හැකි ඉක්මණින් තම පුරවැසියන්ට බූස්ටර් එන්නත් ලබා ගන්නා ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

Read more

Local News