ඉහළ යන ලෝක ඉන්ධන මිලට අභියෝග කරන්න අමෙරිකාව, ජපානය ඇතුළු රටවල් කිහිපයක් සුදානම් – ආරක්‍ෂිත ඉන්ධන සංචිත මුදා හැරේ

Share

කොවිඩ් වසංගතයත් සමඟ ලෝකයේ බොහෝ ප්‍රවාහන කටයුතු අඩාල වුණා. ඒ සමඟ ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් සිය නිෂ්පාදන පහත දැමුවා.

ඉරාකය, රුසියාව, සෞදි අරාබිය ඇතුළු බොහෝ තෙල් නිෂ්පාදනය කරන රටවල් දෙසැම්බර් දක්වා සිය නිෂ්පාදන ඉහළ දමන්නේ නැති බව ප්‍රකාශ කළා. මේ නිසා දිනපතා ඉන්දන මිල ඉහල යමින් තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ ඉහළම ඉන්දන මිල දැන් වාර්තා වෙමින් තිබෙනවා.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ද ඉන්ධන මිල දිනපතා ඉහළ යමින් තිබෙනවා.

ඊට විකල්පයක් ලෙස මෙම සියලුම රටවල් ඒකාබද්ධ තනි තීරණයක් වෙත ගමන් කරමින් සිටින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ප්‍රථම වතාවට අමෙරිකාව සිය ආරක්ෂිත තෙල් සංචිතවලින් බැරල් මිලියන 50ක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව බැරල් මිලියන 5 ක් ද මුදා හරින බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ජපානය, මහා බ්‍රිතාන්‍ය, චීනය, දකුණු කොරියාව, ඇතුළු තවත් රටවල් කිහිපයක් ද සිය ආරක්ෂිත තෙල් සංචිතවලින් කොටසක් මුදා හැරීමට සුදානම් වනවා.

ඒ අනුව ඉදිරි මාසය තුළ ලෝක තෙල් වෙළඳපොළෙහි ඉන්ධන මිල යම් ප්‍රමාණයකට හෝ පාලනය වනු ඇති බවයි බලශක්ති විශේෂඥයින් අවධාරණය කරන්නේ.

Read more

Local News