දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කරයි – පහත්බිම්වලට සුළු ගංවතුර තත්වයක්

Share

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු ප්‍රමාණය තවදුරටත් වැඩිකර තත්පරයට ඝන අඩි 27,500 ක ප්‍රමාණයක් දැදුරුඔයේ පහලට මුදා හරී. මෙම තත්වය තත්පරයට ඝන අඩි 25,000 ඉක්මවා යෑම පහළ ප්‍රදේශ වල කිසියම් ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. විශේෂයෙන් බිංගිරිය, හලාවත, පුත්තලම ප්‍රදේශවල පහත්බිම් වලට සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතී. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව විශේෂයෙන් ඒ පිළිබද සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News