ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.
අද (01) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී උදෑසන තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 204 ක් රැස් කර ගත්තා.
පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ක් ලබා ගෙන සිටිනවා.
දෙවන දිනයේ තරගය අවසාන භාගය වර්ශාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.
බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රි ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 135 ක් පසුපසින් සිටිනවා.