ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ පස්වන දිනය අදයි.
අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී උදෑසන තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 204 ක් රැස් කර ගත්තා.
පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 253 ක් ලබා ගෙන තිබෙනවා.
ඊයේ (02) දිනය අවසානයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටිනවා.
ලකුණු 153 ක් ලබාගෙන ධනංජය ද සිල්වා නොදැවී ක්‍රිඩා කරනවා.
කොදෙව් දෙවන ඉනිමට වඩා ලංකා කණ්ඩායම ලකුණු 279ක් ඉදිරියෙන් සිටිනවා.




