2021 LPL පළමු ජය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

Share

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) පැවැති පළමු තරගය ලකුණු 54 කින් ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

මේ තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

එහි දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ජැෆ්නා පිලට ඕවර 18.4 ක දී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 110ක් පමණයි.

Read more

Local News