විසඳුම් නැති ගොවි ගැටලු ප්‍රදේශ රැසක

Share

අතේ තියන අන්තිම සතෙත් වියදම් කරලා වගා කරපු ලූණුවලට නිසි මිලත් නැති නිසා අස්වැන්න ගෙදර තියාගෙන ගොවීන් පිරිසක්
හුල්ලනවා.

චීනයේ ඉදන් ආපු හිපෝ ස්පිරිට් නැව සිංගප්පුරුවට ගිහිල්ලා කියලා මන්ත්‍රී මනූෂ කියනවා.

ඉල්ලුමට සරිලන සැපයුම නැහැ කියල ලොකු ලූණු පිටරටින් ආනයනය කරනවා. අපේ රටේ ගොවීන් ලූණු වගා කරලා මිලක් නැතිව ලත වෙනවා. කවුරුත් බලන්නේ කීයක්හරි අඩුවෙන් ලූණු මිලදී ගන්න.

දේශීය ලොකු ලූණු ඔහේ කුණු වෙද්දී ගොඩක් වෙළඳුන් ආනයනය කරපු ලොකු ලූණු මිලදී ගෙන ලාභයක් තියාගෙන අලෙවි කරනවා. කොහොම වුණත් අවසානෙදි අපේ රටේ ලොකු ලූණු ගොවියට අත්වන ඉරණම සෝචනීයයි.

Read more

Local News