සජබ මන්ත්‍රී කණ්ඩායම නැතිව පාර්ලිමේන්තුව රැස් වෙයි

Share

තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු යළි පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට නොගොස් පාර්ලිමේන්තුව ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. කෙසේ වෙතත් සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් නොමැතිවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරෙන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කලේ.

Read more

Local News