ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය සිය නිවසට – ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Share

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු රාවල් පිණ්ඩි හි දී අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත්වී තිබෙනවා.

මෙම සැකකරු මගී බස්රථයක ගමන් කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ ගනේමුල්ල පිහිටි ඔහුගේ නිවසට ගෙන එනු ලැබුවා.

අදත් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූවන් සහ ආගමික නායකයින් ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට පැමිණ සිටියා.

Read more

Local News