මෙවර 2021 LPL තරගාවලියේ ඊයේ (07) රාත්‍රියේ පැවති තරගයෙන් ජය ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම කඩුලු 04 කින් පරාජයට පත් කරමින්.
තරගයේ කාසිය වාසිය දිනා ගත් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන්නා.
ඒ අනුව කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 143 ක් රැස්කළා.
ලකුණු 144ක ඉලක්කයක් හබායමට පිළිතුරු ඉණිම ආරම්භ කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගයේ අවසන් පන්දු වාරයේ පන්දු 4ක් ඉතිරිව තිබිය දී කඩුලු 06ක් පමණක් දැවී ජයග්‍රහණය වෙත ලගා වුණා.