පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදු වූ සිදුවීම් සොයාබලා නැවත එවැනි සිදුවීම් ඇති නොවීමට ගත යුතු නිර්දේශ ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් කථානායකවරයා විසින් පත්කර තිබෙනවා.
එම කමිටුවට අදාළ සෙසු සමාජිකයින් පහතින්,
රංජිත් සියඹලාපිටිය – සභාපති
චමල් රාජපක්ෂ
බන්දුල ගුණවර්ධන
වාසුදේව නානායක්කාර
සුසිල් ප්‍රේම්ජයන්ත්
ගයන්ත කරුණාතිලක
රවුෆ් හකීම්
අනුර ප්‍රියදර්ශන යාපා
විජිත හේරත්
රංජිත් මද්දුමබණ්ඩාර
එම්. ඒ සුමන්තිරන්
අද (08) උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් සඳහන් කර සිටියේ, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව ඉහත සඳහන් කමිටුව පත්කර ඇති බවයි.



