පසුගිය වසරේ පමණක් මාරක රිය අනතුරු 2242 ක් සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සියතට ප්‍රකාශ කලේ.
ගෙවුණු වසර 10 තුළ නව වාහන ලියාපදිංචිය 50% කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 83කට වැඩි. අපේ රටේ වැඩියෙන්ම අනතුරට ලක්වන්නේ යතුරුපැදි හා ත්‍රීරෝද රථයි. බොහෝ විට මෙම වාහන දෙකම වැඩිපුරම භාවිත කරන්නේ තරුණ පරම්පරාව බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
රට වසා තිබූ පසුගිය වසරෙත් විශාල සංඛ්‍යාවක් මාර්ග අනතුරු නිසා මිය ගොස් තිබෙනවා. ලංකාව තුල සිදුවෙලා තිබෙන මුළු රිය අනතුරු සංඛ්‍යාව 2018 වර්ෂයේ 35,845 ක්, 2019 වර්ෂයේ 30,433ක්, 2020 කොවිඩ් වසංගත තත්වය පවතින කාලසීමාව තුළ 23,704 ක් වශයෙන් දක්වේ.
බොහෝ අනතුරුවලට හේතුව අදාල වාහනය නොවන බවයි තල්දූව මහතා පවසන්නේ. යතුරුපැදි හා ත්‍රිරෝද රථ භාවිත කරන තවත් රටවල් ලෝකයේ තිබෙනවා. මෙම අනතුරු වලින් 99% ක්ම සිදුව ඇත්තේ නොසැලකිල්ල, නීති පිළිපදින්නේ නැතිකම සහ අධික වේගය නිසයි. මාර්ග අනතුරු නිසා සදහටම අසරණ වන දූ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ වගකීම සුක්කානම අයිති ඔබට සේම පදික වේදිකාව අයිති ඔබත් සතුවන බව මතක් කරනවා.



