පෙර ගෑස් සිලින්ඩරය වෙනුවට, නව ගෑස් සිලින්ඩරය ජනතාවට නිකුත් කරන්න – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

Share

පසුගිය සති කිහිපය පුරාම ගෑස් අනතුරු හා පිපිරිමි රැසක් වාර්තා වුණා.

ඒ පිළිබඳව සොයන්න පත් කළ ජනාධිපති කමිටුව පසුගියදා නිවේදනයක් ද නිකුත් කළා.

ගෑස් ගැටලුව පිළිබඳව තවදුරටත් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර පෙර ගෑස් සිලින්ඩරය වෙනුවට, නව ගෑස් සිලින්ඩරය ජනතාවට නිකුත් කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ සමාගමට අද නියෝගයක් නිකුත් කළා.

Read more

Local News