ඊයේ පැවති LPL තරග දෙකෙන් යාපනය සහ දඹුල්ලට ජය

Share

ඊයේ (08) සවස පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 110ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු වාර 12 පන්දු 3ක දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114 ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

ඊයේ (08) රාත්‍රියේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතර පැවති තරගය ජය ගැනීමට දඹුල්ල ජයන්ට්ස් සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කළා.

ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 177ක් පමණයි.

Read more

Local News