චීන කාබනික පොහොර නැව ආපසු යන බව ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි

Share

රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ පිටරටින් කාබනික කියන පොහොර ආනයනය කරන්න රජය හදිසි තීරණයක් ගත්තා. ඒ අනුවයි චීනයෙන් පොහොර ආනයනය කිරීමට සිද්ද වුනේ.

චීන පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට මෙරට ශාක නිරෝධායන අංශය සහතික කලා. ඒ අනුව අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර ගොඩබෑමට චීන නැවට ඉඩ ලැබුනේ නැහැ.

ඊට අමතරව මේ සම්බන්දයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ද ක්‍රියාත්මකයි. එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ අදාල චීන පොහොර සමාගමට සහ දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වලක්වන්න කියලයි. ඒ අනුව මහජන බැංකුවට වරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණයෙන් නිකුත් කර තිබෙනවා.

රටවටේ කැරකි කැරකි සිටි චීන කාබනික පොහොර නැව ආපසු යන බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ ඒ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

Read more

Local News