හබරණ ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ දී දුම්රියක ගැටීමෙන් අලියෙකු මියගොස් තිබෙනවා.
රාත්‍රී 8.45 ට පමණයි මෙම අනතුර සිදුව ඇත්තේ.
වයස අවුරුදු 15ක් පමණ, උස අඩි 08 ක් වූ කෙනරක් බවයි වාර්තා වන්නේ.
මිට දින තිහකට පෙර එම ස්ථානයේ දීම දුම්රියේ ගැටී අලියෙකු මිය ගොස් තිබෙන බවයි කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රකාශ කළේ.



