නාවුක හමුදාවේ 71 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ශ්රී ලාංකීය මාතාවගේ ගෞරවය සහ ආරක්ෂාව වෙනුවෙන් නාවුක හමුදාව අතින් ඉටු වූ හා ඉටුවන සේවාව සදා අමරණීයයි.
නාවුක හමුදාව යනු අප රට වට කළ රන් වැටයි.
අපේ රට දුපතක්. රට වටකර ඇත්තේ තෙරක් නොපෙනෙන මහා සාගරයයි.
අපේ වැනි රටකට මහා සයුර ඔස්සේ එල්ල විය හැකි අනතුරු එමටයි. එදා කුරිරු ත්රස්තවාදයෙන් අපේ රට ගලවා ගැනීම සඳහා මරාගෙන මැරෙන බෝට්ටුවලට මුහුණ දුන්නේ අභීත නාවික විරුවණුයි.
අදත් නාවික දෙනෙත් මහ සයුර දෙස බල සිටිනුයේ මේ උපන් බිම රැක ගන්න බව මතක් කළ යුතුයි.



