නුවරඑළිය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප්රපාතයකට පෙරළී ගොස් තිබේ.
අනතුරින් මෝටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කළ බව තලවකැලේ පොලීසිය පවසයි.
අද (09) අලුයම 1.30ට පමණ හැටන් – නුවරඑළිය ප්රධාන මාරගයේ තලවකැලේ සෙන් ක්ලෙයාර් වත්ත ප්රදේශයේ දී අනතුර සිදුව ඇත.



