අද මෙහෙම නම් උත්සව සමයේ බඩු මිල කොහොම වෙයිද

Share

මේ එළඹෙන්නේ උත්සව සමයයි.

අද වන විට අහස උසට ගොස් ඇති භාණ්ඩ මිල දෙසැම්බර් වන විට කොහේ නතර වෙයිද කියලා හිතාගන්න බැරි බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

හිතූ හිතූ මිල ගණන් වලට අද භාණ්ඩ අලෙවි වනවා. අවසානයේ පාරිභෝගිකයාට යන එනමන් නැති වෙලා.

බිත්තරයක මිල රුපියල් 27 ක් දක්වා ඉහළ ගොස් අවසන්.

කොරෝනත් එක්ක ආරම්භ වූ ආර්ථික අර්බුද අද ඔඩුදුවලා අවසන්. ඩොලර් හිඟය නිසා ආනයනික භාණ්ඩ හිඟයක් සේම මිල ගණන් ඇත්තේ අධික අගයන්වලයි.

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය නිසා එළවළු මිලත් පාලනයකින් තොරව ඉහළ ගියා. අද වන විට භාණ්ඩ මිල දරාගන්න බැරි බව ජනතාව කියනවා.

Read more

Local News