ගෑස් පිළිබඳව නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණයට

Share

ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව දැන් අධිකරණය දක්වා ගිහින් අවසන්. නිසි ප්‍රමිතියට නැති ගෑස් පිළිබඳ රීට් පෙත්සම අද දින කැදවීමට අභියාචනාධිකරණය නියම කළා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතායි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර ගෑස් පිළිබඳ වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

අලුත් මුද්‍රාව සහිත ප්ලාස්ටික් ඉටි කොළයට යටින් පරණ මුද්‍රාව ද තිබුණ සිලින්ඩරයක් බගවන්තලාවෙන් හමු වී තිබෙනවා.

Read more

Local News