දියර පොහොරත් පුපුරයි

Share

අලි මදිවට හරක් කියලා අපේ රටේ ජනවහරේ කියමනක් තියෙනවා.

පසුගිය දිනවල පිපිරිමි වාර්තා වුණේ ගෑස් ආශ්‍රිතවයි.

ඊයේ දියර පොහොර ආශ්‍රිත පිපිරීමකුත් වාර්තා වුණා.

ඒ අනුරාධපුර පදවියෙනුයි.

ගොවිතැන නැතිකරලා රටක් දුවන්න බැරි බව මේ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ අනුරාධපුර ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් අමතමින්.

මේ අතර සමහර ගොවියන් තමන්ට අදත් කිසිදු පොහොරක් ලැබී නැති බව පවසනවා.

තවත් සමහරුන් ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර වලට දෙනවා කිව්ව මුදල් තාමත් ලැබුණේ නැති බවයි.

පොහොර බෙදන්නේ හමුදාපති නම් කෘෂිකර්ම ඇමති කෙනෙක් රටට මොකටද කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා.

Read more

Local News