දෙදෙනෙක්ට දිවි අහිමි වූ බස් – වෑන් අනතුර

Share

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අද (10) අලුයම දෙදෙනකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

නොච්චියාගම සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ අනුරාධපුරය සිට නොච්චියාගම දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.

වෑන් රථයේ ගමන්ගත් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු මියගොස් ඇත.

Read more

Local News