දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මාරක රිය අනතුරක් – පියා සහ දියණිය මරුට

අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මිල්ලනිය ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිඳුව තිබෙනවා.

ඉන් එකම පවුලේ පියාට හා දියණියට ජීවිතය අහිමි වුණා.

අනතුරට පත් මෝටර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මියගිය පියාට වයස අවුරුදු 39 ක් වන අතර දියණියගේ වයස අවුරුදු 04ක් වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.