ලෝකයේ කොවිඩ් ආසාදිතව වැඩිම පිරිසක් මිය ගොස් ඇති රට අමෙරිකාව

අමෙරිකා එක්සත් ජනපදයේ ලක්ෂ 8 කට වැඩි පිරිසක් මේ වන විට කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා.

ලෝකයේ කොවිඩ් ආසාදිතව වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙනුයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වන බවයි.

මේ වන විට රටවල් 77 කින් ඔමික්‍රෝන් හඳුනාගෙන තිබෙනවා.