ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව හා එක්ව සංවර්ධනය කිරීමේ ගිවිසුම මසක් ඇතුලත අත්සන් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැන්දවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසුවේ දේශප්‍රේමි ලෙස කතා කළ උදය ගම්මන්පිල මහතා මේ ගිවිසුම හරහා දේශද්‍රෝහි වී ඇති බවයි.



