දෙවන එක්දින තරගයේ ජය සිම්බාබ්වේට

Share

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ ඊයේ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී ලකුණු 22 ක ජයක් අත් කර ගැනිමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් එම කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණු 302 ක් රැස් කළා. ක්‍රෙග් අර්වින් ලකුණු 91 යි. ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 03 ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවි රැස් කර ගත හැකි වූයේ ලකුණු 280 ක් පමණි.


දසුන් ශානක ලකුණු 102 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 07ක් හා හයේ පහර 04ක් ඇතුළත් වුණා.

කමිදු මෙන්ඩිස් ලකුණු 57 යි. කණ්ඩායම් දෙක අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News