එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායමට

Share

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඊයේ (23) දෙරට අතර පැවති තුන්වැනි සහ අවසාන එක්දින තරගය ලකුණු 4කින් ජයගැනීමට ඔවුන් සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු සමාගම ඕවර 49.5ක දී සියලුදෙනා දැවී ලකුණු 287ක් රැස්කර ගත්තා.

එහිදී ක්වින්ටන් ඩි කොක් ලකුණු 124ක් රැස්කළේය. පන්දු 130ක දී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 12ක් සහ 6 පහර දෙකක් ඇතුළත් වුණා.

ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම රැස්කළේ ලකුණු 283 ක් පමණයි.

Read more

Local News