විදුලි බිල සහ විදුලි පාලනය ඉන්දියාවට යයිද? වෘත්තීය සමිති ප්‍රශ්න කරයි

Share

දැවි තෙල් සහ ඩීසල් ලැබීම හේතුවෙන් අද සහ හෙට දිනත් විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සෘජුව ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේ වෙතත් එය මෙරට විදුලිබල කේෂ්ත්‍රයේ බරපතල අර්බුදයක් නිර්මාණය කළ හැකි යෝජනාවලියක් බවටයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

එම යෝජනාව තුළින් ඉන්දියාවට විදුලි බිල සහ විදුලි පාලනය තීරණය කිරීමට හැකි වන බව ඔවුන් පෙන්වා දෙනවා.

Read more

Local News