බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරලේ – පුද්ගලයෙක් මරුට

Share

අද උදෑසන හැටන් – දික්ඔය, බරවල මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඇගලුම් කර්මාන්ත ශාලාවකට සේවකයින් රැගෙන යමින් සිටියදී බස් රථය අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

සිද්ධියෙන් පුද්ගලයින් 16 දෙනෙකු පමණ තුවාල ලබා දික්ඔය – රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Read more

Local News