විදේශීය බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් තොගයක් මුහුදට දැමූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා ඉදිරි විමර්ශන සඳහා කොළඹ වරාය වෙත රැගෙන විත් තිබේ.
සැකකටයුතු යාත්‍රාවෙන් මුහුදට දැමූ මත්ද්‍රව්‍ය බහාලූ උර තිබේදැයි නාවික හමුදා විශේෂ කණ්ඩායමක් යොදවා එම මුහුදු ප්‍රදේශය පරීක්ෂා කළත්, මුහුදේ රළු ස්වභාවය සහ මීටර 3,800ක් පමණ වූ ගැඹුර හේතුවෙන් සැකකරුවන් විසින් මුහුදට දැමූ උර කිසිවක් නිරීක්ෂණය නොවූ බව නාවික හමුදාව පවසයි.



