යේමනය තුළ දරුණු කොළරා වසංගතයක්

Share

යේමනයේ මන්දපෝෂණයෙන් පෙළෙන මිලියනයකට වැඩි ළමයින් පිරිසකට කොළරා වසංගතය වැළඳීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. මොවුන් සියලු දෙනා වයස අවුරුදු 05ට අඩු දරුවන් වේ.

කොළරා වසංගතය බහුලව වාර්තා වී ඇති දිස්ත්‍රික්වල දරුවන් මෙම අවදානමට මුහුණ දී සිටින බව සේඛ්‍ය අංශ සදහන් කර තිබේ.

යේමනය තුළ කොළරා වසංගතය ආසාදනය වූවන් හාරලක්‍ෂ විසිපන්දහකට වැඩි පිරිසක් වාර්තා වී ඇත. මිය ගිය සංඛ්‍යාව ද 1,900කට ආසන්නය.

යේමනයේ රජයේ හමුදා සහ හවුදි කැරළිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් ලක්‍ෂ ගණනක ජනතාවක් අවතැන්ව සිටි. ඔවුන්ට නියමිත පරිදි ආහාර නොලැබීම හේතුවෙන් ළමයින් මෙම මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වී ඇත.

Read more

Local News