නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් හට ජනාධිපති රාජ්‍ය සමාව

Share

2022.02.04 වන දිනට යෙ‍දෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත.

ඒ අනුව,
මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්,

කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්,

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්,

කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්,

බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්,

මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්,

වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක්
ඇතුළුව දිවයින තුළ බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට අතිගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රධානය කරන විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇති බව බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කර සිටී.

Read more

Local News