ලෝක පිළිකා දිනය අදට යෙදී තිබෙනවා.
“ගැටලු හදුනා ගනිමු සත්කාරයේ හිඩැස පුරවමු” මෙවර ලෝක පිළිකා දිනයේ තේමාවයි. පිළිකා සත්කාරයේ අඩු ලුහුඩුකම් හදුනාගෙන නිසි පියවර ගැනිම එහි මුලික අරමුණයි.
ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධාන කර ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.
සෑම වසරකම පෙබරවාරි 04 ලෝක පිළිකා දිනය ලෙස නම්කර තිබෙනවා.
මෙමගින් මිනිස් ජීවිත මිලියන ගණනක් රැකගැනීම සදහා දැනුවත් බව වැඩිකිරීම සහ ලබාදෙන සේවාවන්හි හිඩැස් අවම කිරීම වෙනුවෙන් වූ පොදු අරමුණක් සදහා කටයුතු කිරීමට උනන්දු කිරීම අපේක්ෂා කෙරෙනවා.



