පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලබන අප්‍රේල් මස 30වන දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.





