රටට ගෙන ආ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් රැගත් බහාලුම් විශාල ප්‍රමාණයක් මේ වන විට වරායේ සිරවී තිබෙනවා.
ඇතැම් බහාලුම් මාස ගණනාවක සිටයි වරායේ සිර වී තිබෙන්නේ.
නිසි ලෙස ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් මේවා නිදහස් කිරීමට හැකි වී නැති බවටයි බොහෝ පාර්ශව ප්‍රකාශ කලේ.
මේ අතර පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදි රේගු භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.



